Friday, October 7, 2016

මුහුද

යශෝදා උපමාලි පසුගිය අවුරුද්දේ මගේ ඉතිහාසය පංතියේ හිටි කොණ්ඩය කොටට කැපූ නිහඩ කෙල්ල.දක්ශ නර්තන ශිල්පිනියක් කියල එදා මට අඳුන ගන්න බැරි වුනා.ඈ අද ශිෂ්‍ය නායිකාවක්.තාමත් 10 පංතියේ වුනත් දුලබ නිර්මාණශීලී මනසක් හිමියි.මේ ඇගේ ශෛලියයි.කවිත් නොවන,කවි නොවනත් නොවන ඇගේ ශෛලියයි.කතාවකුත් නොවන කතාවක්  නොවනත් නොවන අමුතුම වදන් හැසිරවීමේ මේ ශෛලිය ඇයටම ආවේනිකයි.මේ ඇගේ නිර්මාණයක්

රන් කරුවෙකුගේ ගෙත්තමක් මෙන්
සයුරේ රැලි මත
හිරු රැස් විහිදී
දිදුලන්නට විය

මෙවන් චමත්කාර සන්ධ්‍යාවක
අවසානය කෙමෙන් ලඟා විය
සොම්නස පිරි හිතෙහි
පිබිදෙන මලක් මෙන්
හෙට පායනහිරු පිළිබඳ
සොඳුරු බලාපොරොත්තු
හිතේ උපදියි

මුහුදු දිය සිඹින ගල් තලාවේහිඳින
මා නෙත් අවට ඇලී ගියේය
පොල් ගස් වැටින් මායිම්
වැටකේ පඳුරු
අවි දරා රකින්නා වැනිය
සයුරට එදිරිව වෙරල

පෙරළෙන රැල්ල නගන්නේ
විලාපයක්ද ගීතයක්ද?
බිය සහ සතුට එකවිටම
හිතට රිංගන්නේ මන්ද




දෙපා හොරෙන් මුදුව සිප
දියඹට පලායන රළට
හදේ  ලැග රිද්දන කටු පොකුර
එලෙසම ගෙන ගිය හැකි නම්?
පෙන පිඩුවක තවරා
එකම එක හිනාවක්
එවිය හැකිනම්!!!

අහසත් පොලවත් එක් වනවා නොව
ක්ෂිජය දෘෂ්ඨි මායාවක්ම බව

අකීකරු හිතකට පසක් කල හැකි නම්!!!

Wednesday, September 28, 2016

සමාවෙන්න පියාණනී

ඩිලීෂියා ශ්‍යාමලී අප පාසලේ10 වසර ඉලෙන ගන්නා දැරියකි.ශිෂ්‍ය නායිකාවකි.පාසලේ නම තැබූ ක්‍රීඩිකාවකි.සිංහල සාහිත්‍ය සමිතියේ ලෙකම් වරියයි.මේ ඇගේ නිර්මාණයකි
රුදුරු බැල්මෙන් මදෙස බැලුවාට
එය ආදරය බව මට නොහැඟුනාට
සමාවෙන්න පියානනී ඔබෙ දූට...


ජීවිතය යනු කිමැයි
ආදරය යනු කිමැයි
මල් වියේ මට නොදැනුනාට
සමාවෙන්න පියානනී ඔබෙ දූට...


ඔබ නිවැරදියි හැඟෙන විට
ඔබ පමණයි ඉතිරි මට
සමාවෙන්න පියාණෙනී ඔබෙ දූට....
ඔබෙ සෙනෙහස සැක කෙරුවාට...

Tuesday, September 6, 2016

යහපත් රජ කුමරු හා සුරංගනාව

මට හෙම්බිරිස්සාවක් හැදී වූ අකරතැබ්බය ඔබමෙතනින් කියවන්ඩ ඇති.මේ අට ඒ පංතියේ එච්.ජී. දුල්මි දියණිය මගේ අභියෝගය පාර ගත් ආකාරයයි
එකමත් එක රටක යහපත් රජ කුමාරයෙක් ජීවත් විය.ඔහු හැමදාම තම යාළුවා සයිමන් සමඟ ලස්සන උයනකට යනවා.එක දවසක් උයන පුරාම ඇවිදල මහන්සිය නිවා ගන්න ගහක් යට වාඩි වුන ඔවුන්ගෙන් “ඔබලාට මහන්සිදැයි“ විමසන හඩක් ඇසුනා.කලබල වෙලා බලනකොට ගහ ඔවුන් මවිතයට පත්කරමින් හිනා වෙවි ඔවුන් දෙස බලා හිටියා.

ඔබ තරුණයි...ඔබට බිරිඳක් සිටිනවද?මලක් ඇහුවා

නෑ..

“ඉතා දුර ඈත රටේ මාලිගාවක ලස්සන සුරංගනාවියක් ඉන්නවා...ඇය නම් ඔබට සුදුසු බිරිඳක් වේවි...රිදී පාට කිරිල්ලියක් කීවා.ඒ  ලඟ ඉඳන් රන් පාට කිරිල්ලියක් ඔළුව වැනුවා

සුරංගනාව ඉන්නේ කොහෙද කුමාරයා ඇහුව

එයා ඉන්නේ හුඟක් ඈත.ඒත් මේ උයන කෙලවරේ තියන පාළු මාලිගාවෙ ඉඳන් සුරංගනාවිගෙ ගෙදරට යන්ඩ රහස් උමඟක් තියනව.ඒ ගේ හුඟක් භයානකයි.ඒ මාලිගාවෙ විසිස්ත කාමරේ ගිණි උඳුනට ඉහලින් තියන සුරංගනාවිගෙ පිංතූරෙ රාමුව අතගාලා මෙහෙම කියන්න

“මල් ලස්සනයි මල් ලස්සනයි මල් ලස්සනයි...මට ලස්සන සුරංගනාවි මුණ ගැහෙන්න ඕනෑ“රත්තරං පාට කිරිල්ලි පාර කියා දුන්න

කුමාරයා හා සයිමන් මාලිගාව ළඟට යනකොට එක පාරටම මාලිගාව ඔවුන් හපා කන්ඩ පැන්නා....කුමාරයා කඩුව අතට අරන් නපුරු මාලිගාව පරාද කරා.

මං පරාදයි.ඔබට ඇතුල් වෙන්ඩ පුළුවන් මාලිගාව කීවා

සුරංගනාවිගෙ පිංතූරෙ හොයාගෙන කුරුල්ලා කීව විදියටම කලා.ටික වෙලාවකින් පිංතූරෙ අතුරුදහන් වෙලා එතන දොරක් මැවුනා.යාළුවෝ දෙන්නා දොර ඇරගෙන ඇතුලට ගියා.

හැම තැනම ගින්දර....ලෝදිය ගංගා වගේ ගලාගෙන ගියා

මේක නං හපා කන මාලිගාවටත් වඩා භයානක තැනක් වගේ.සයිමන් බය වෙලා කීවා

භයානකයි හුඟකි කල්පනවෙන් ඉන්න..නැත්තං මැරෙන්න වෙයි..කට හඩක් ඇහුනා..කුමාරයා වටපිට බලනකොට කුරුල්ලො දෙන්නත් එයාල පස්සෙන්ම ඇවිත් ඉන්නව දැක්කා

ඇතුල හරිම රස්නෙයි..

කොහොමද මේ ගින්දර හැදෙන්නෙ ..සයිමන් ඇහුව

මකරෙක් ගිණි පිඹිනව

යාළුවො දෙන්න මකර පේන මානයට ගියා.මකර තරහෙන් ඔරවල බැළුව.කුමාරය දැක්ක මකරගෙ කකුලෙ ලොකු යකඩ හෙල්ලක් ඇනිල තියනව.

කරුණාවන්ත කුමාරයට හුඟක් දුක හිතුන.අපි ඔයාට උදවු කරන්නද? එයා ඇහුව

ස්තූතියි...සුරංගනා සහෝදරියො පැහැරගෙන යන්ඩ ආපු නපුරු රජෙක් තමයි මේක කලේ ..මට හුඟක් රිදෙනව...මකර කිව්ව


අපිට ඔයා ළඟට එන්න නං මේ ගින්දර නිවන්න ඕන..නැත්තං අපි පිච්චිලා මැරෙයි...සයිමන් කීවා.

මකරා සේරම ගින්දර උරා බීව.යාළුවො දෙන්න හෙල්ල පරිස්සමෙන් ගලවලා අයින් කරල තුවාලය වතුර වලින් හේදුව.

කිරිල්ලියො දෙන්න තමන්ගෙ පිහාටුව ගානෙ ගලවල කුමාරයට දුන්න.ඒ පිහාටු වලින් තුවාලය පිරිමදිනකොට බලාඉන්නැද්දි තුවාලය හොඳ වුනා.


ඔබ  දෙන්නාම හරිම කරුනාවන්තයි.මගේ කැපකාර දියණිවරුන් වන රන් සුරංගනාවයි  රිදී සුරංගනාවියයි ඔබ දෙන්නට විවාහ කරල දෙනව.සතුටින් ජීවත් වෙන්න. මගේ රාජකාරිය අවසානයි.කියූ මකරා අහසට පියාඹන ගමන් නිල් පාට දුම් වලාවක් කිරිල්ලියා දිහාට විද්ද.ඔවුන් එකපාරටම ලස්සන ගෑනු ලමයි බවට පත් වුනා...ආපහු රජ මාලිගාවට ආපු මේ හතර දෙනා සන්තෝසෙන් ජීවත් වුනා

Wednesday, June 15, 2016

චූටි කුරුල්ලෝ

චන්දු නදී සෞභාග්යා කෑ/දැර/බස්නාගල මහ විදුහලේ  අට වසර   පංතියේ ඉගනුම ලබන දියණියකි.මේ ඇය විසින් රචනා කරන ලද කවි පංතියකි.කුඩා ඇයට ඔබෙන් අදහස් හා මඟ පෙන්වීම්  ඉතා වටීවි.



පාට පාට සේල අඳින
හරි ලස්සන සිංදු කියන
මුළු ලෝකෙම අවදි කරන චූටි කුරුල්ලෝ.....


පලතුරු පමණයි කන්‍නේ
තුරු වදුලෙයි ගැවසෙන්නේ
රෑන් පිටින් ඉගිලෙන්නේ චූටි කුරුල්ලෝ


ලෝකෙ වටේ පියා සලයි
මිහිරි සිංදු කියමින් යයි
කිසිවෙකු හට පහර නොදෙයි චූටි කුරුල්ලෝ...

උදෑසනම අවදි වෙන්නෙ
කෑම සොයා පියාඹන්නෙ

ආදර බර හිතක් තියන චූටි කුරුල්ලෝ...

Tuesday, June 7, 2016

සමනළයෝ


මේ කෑ/දෙහි/බස්නාගල මහ විදුහලේ අට වසර ඒ පංතියේ ඉගනුම ලබන වී.පී.ධනුෂ්කා දියණිය සමනළයකු සමඟ කල සංවාදයකි.



පාට පාට අත් තටු ඇති පුංචි පුංචි සමනළයෝ
මෙච්චර ලස්සන අත්තටු ඔබට කොහින්දෝ


-------
මෙච්චර ලස්සන අත්තටු දෙයියො දුන්න වරම් කියා
අපි සතුටින් හැම දාමත් කාලය ගෙව්වා



---------
හැමදාමත් අළුයම විත් එහෙ මෙහෙ අත පියා සලන්
ගස් අස්සේ මල් අස්‍ සේ මොනව සොයන්නේ
-------



හැමදාමත් පාන්දරම පරිසරයට ලස්සන දී
ගස් මල් අතරින් රිංගා පැණියි සොයන්නේ





----
සිරීපාද කන්ද වඳින කාලෙ ඇවිල්ලා
මම සිරීපාද කන්ද වඳින ගමනේ යනවා
පියඹා විත් සිරීපාද කන්ද වඳින්න

පින් රැස්කරගෙන ආයෙත් ආපහු එන්න

Saturday, October 31, 2015

මම රෝස මලක් වෙමි

මේ 7 වසර ඒ පන්තියේ නඳුනි අපූර්වා දියනියගේ නිරිමාණයකි...


මම රෝස මලක් වෙමි...
ඈත කඳු අතරිනි හිරු කුමරා පායා එද්දී හිරු කුමරුගේ ලා හිරැ රැස් විඳිමින් මම විකසිත වෙමි.කුරුල්ලන්ගේ මිහිරි ගී අසමින් මගේ සුවඳ දසඅත විහිදුවමි.මගේ සිනිඳු පෙති මත දිලිසෙන පිණි බිඳු ඈතට පේන්නේ මුතු කැට මෙනි.එය මට මහත් ආඩම්බරයකි.
පුංචි පුංචි සමනලයෝ මා වටා කරකැවෙමින් මගේ පැණි උරා බොමින් මා වටා තාලයට පියාසර කරති.එය මට සතුටකි.පුංචි ළමයිද මා  ප්‍රියකරති.මමද ඔවුන් ප්‍රියකරමි.මා ස්පර්ෂ කරමින් මගේ සුවඳ විඳිමින් ඔවුන් සතුටු වෙති.
මා ඉතා අලංකාර නිසා මා නම් සිටින්නේ ගහේ ඉහලම අත්තේ තනි මලක් ලෙසටයි.මගේ පුංචි යාළුවෝ එක පොකුරට සිටීමට ප්‍රිය කරති.හග්ගල උයනේ රක්ත වර්ණයෙන් විකසිතව සිටින මා නැරඹීමට බොහෝ සංචාරකයෝ පැමිනෙති.එවිට මට හැඟෙන්නේ මා නිසා රටම ලස්සන වී ඇති බවයි.මා වටා ඇති කටු මගේ ආරක්ෂකයෝය.

රූං රූං කියමින් මගේ වටේ කරකැවෙන මී මැස්සෝ මගේ පාළුව මකා දමති.කවුරුන් හෝ මාව බුදු හිමිට පූජා කරත්වා! යන්න මගේ ප්‍රාර්ථනයයි.

Wednesday, October 21, 2015

ගුරු පියාණනේ

අප පාසලේ ගුරු දින උත්සව සැමරුම සඳහා දරුවන් විසින් සකස් කරන ලද සමරු කලාපයට ඇතුලත් වුන නිර්මාණයකි.
මෙය 11 වසර ශනාලි කෞෂල්‍යා දියණියගේ නිර්මාණයකි


ගුරු පියාණනේ

අසෙනි වැසි වැටුනා
හිරිමල් හිත උඩ හිරිකඩ තැවරී
පිණි සිසිලක් රැඳුනා

ඇසි පිය දිග හැරුනා
කීරි  ගැහුනු සිතිවිලි රැදි හදවත
මද්දහනම නිවුනේ ඔබ හින්දයි
ගුරු පියාණනේ..........

පාළු කොදෙව්වේ යුග ඳුරු දුරු කොට
ඉන්ද්‍ර නීල නෙත් ඉඳුවර මුහු කල
රැහැයි හඩන රෑ තනි මා අසලක
තරු ලකුණක් වුන ඔබේ දයාවට
පුදන්නට දෙයක් නෑ ඉතිරිව මා ලඟ
ගුරු පියාණනේ...........
ඇවිත් ගයන්නම් ඒ වෙනුවට
කොබෙයි ගීයක අවසන් පද පෙල

නිශා ඉමේ කළු වලා සඳැල්ලට
ආ මග වැරදුනි පිං මදි  හන්දම
ඔබයි පියේ සඳකැන් මත තැවරුන
කාන්තියක් වී මාවත පෙන්නුව
පුදමි කුසුම් ගුරු පියාණනේ ඔබ ලඟ