Wednesday, June 15, 2016

චූටි කුරුල්ලෝ

චන්දු නදී සෞභාග්යා කෑ/දැර/බස්නාගල මහ විදුහලේ  අට වසර   පංතියේ ඉගනුම ලබන දියණියකි.මේ ඇය විසින් රචනා කරන ලද කවි පංතියකි.කුඩා ඇයට ඔබෙන් අදහස් හා මඟ පෙන්වීම්  ඉතා වටීවි.



පාට පාට සේල අඳින
හරි ලස්සන සිංදු කියන
මුළු ලෝකෙම අවදි කරන චූටි කුරුල්ලෝ.....


පලතුරු පමණයි කන්‍නේ
තුරු වදුලෙයි ගැවසෙන්නේ
රෑන් පිටින් ඉගිලෙන්නේ චූටි කුරුල්ලෝ


ලෝකෙ වටේ පියා සලයි
මිහිරි සිංදු කියමින් යයි
කිසිවෙකු හට පහර නොදෙයි චූටි කුරුල්ලෝ...

උදෑසනම අවදි වෙන්නෙ
කෑම සොයා පියාඹන්නෙ

ආදර බර හිතක් තියන චූටි කුරුල්ලෝ...

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හරිම ලස්සන කවියක්,සුබ පැතුම් පුතේ..

    ReplyDelete
  3. සරළයි . ලස්සනයි.. ජයවේවා !!!

    ReplyDelete