Friday, July 31, 2015

උදෑසනක අසිරිය



නදුනි අපූර්වා කෑ/දෙහි/බස්නාගල මහා විද්‍යාලයේ 7 - ඒ පන්තියේ දරුවෙක්
ඇත්තටම හැම වැඩක්ම කිසිම ඇදක් පළුද්දක් නැතිවෙන්න පිළිවෙලට කරන චුට්ටිත්තක් ආඩම්බර පාට  ඉගනීමටත් දක්ෂ දරුවෙක්.මේ ඒ දරුවාගේ රචනාවකි...
සිහියේ තබාගන්න .ඇය තාමත් 7 වසර දරුවෙකි

හිරුකුමරා කඳු අතරින් නැගී එන්නේ මුළු පරිසරයම ආලෝකමත් කරමිනි.නිදි යහනෙහි උන් පුංචි පුංචි මල් කැකුළු විකසිත වන්නේ මුළු පරිසරයම සුවඳවත් කරමිනි.රාත්‍රි කාලය පුරා නිහඩව නිදා සිටි විහඟුන් කීචි බීචි හඩ නගමින් කෑමසොයා යද්දී මිනිස්සුද හනි හනිකට තම වැඩ කටයුතු අරඹති.පාසල් ඵමයි මල් පොකුරු සේ සිනා සෙමින් පාසල් යති.
ශාක පත්‍ර වල ඇති පිණි බිඳු හිරු රැසින් දිලිසෙන්නේ මුතු කැට මෙනි.උදෑසනම වැඩ අරඹන මී මැස්සාගේ ගුම් ගුම් හඩ මල් අසලින් යන විට අපට ඇසෙයි.මලක් මත වසා මලෙන් පැණි උරාබොන සමනළයාද අපූරු චමත්කාරයක් පරිසරයට එක් කරයි.මේ උදෑසන ලේනුන්ද ටිං ටිං ගාමින් අතු මත දුව පනිති.ඉදුණු පළතුරු වල රස බලති.පුංචි ළමයිද මේවා බලා සතුටක්  ලබති.


හෝ හෝ හඩ නගමින් ගලා බසින දිය ඇළි ගංගා මේ උදෑසන දක්නට ලැබීම කාටත් සතුටකි.පොකුණු වල පිපි ඇති ඕළු නෙළුම් මානෙල් සුවඳ ගම පුරාම පැතිරෙයි.මෙම පියකරු උදෑසන කාටත් සතුට සාමය ගෙනදේ..

Tuesday, July 28, 2015

එන්න .............බලන්න ...........අද ඉඳලා ..............හුඟක් ඈත දුර්ග නිම්නයක පිපීගෙන එන මල් වල ලස්සන ......සුවඳ

“කෑ/දෙහි/  බස්නාගල මහා විද්‍යාලය“
තාප්පෙ උඩින් එබිල බලන බෝඩ් ලෑල්ලෙ තියෙන්නෙ එහෙමයි.











විදුහල්පති,
කෑ/දෙහි/බස්නාගල මහා විද්‍යාලය
නූරිය                                                     ලිවුම් එන්නේ එහෙමයි
 




සාමාන්‍යෙයන් පරිපාලන කටයුතු වලදී අපි අයිති වෙන්නේ මේ විදියටයි
පළාත
-          සබරගමුව පලාත
දිස්ත්‍රික්කය
-          කෑගල්ල
අධ්‍යාපන කළාපය
-          දෙහිඕවිට
අධ්‍යාපන කොට්ඨාසය
-          දැරණියගල


දැරණියගල නගරයේ ඉඳන් ගිරි දුර්ග පසුකරගෙන බස් එකේ රුපියල් 40.00 ක දුර ගියාට පස්සේ  සිරිපා කඳු පෙනෙන මානයේ ලස්සන ගැමි පරිසරයක අපේ ඉස්කෝලෙ පිහිටලා තියනවා.




අපේ ඉස්කෝලෙ දිසාපාමොක්වරු 31 ආසන්න ගානක් ඉන්නවා..මූසිලලා 365ක් ඉන්නවා.අපේ දිසාපාමොක් වරු නම් ගුත්තිල වගේ නෙමෙයි.අපේ මූසිලලා අපි අභිබවා යන දවස ගැනයි හීන දකින්නේ.









ලංකාවේ ගැමි පරිසරයකදි දකින්න පුළුවන් අව්‍යාජත්වය,සරල කම,සදාචාරය,කීකරුකම,ස්වභාව සුන්දරත්වය වගේ ආශිර්වාදත් එදාවේල ගැන පමණක් හිතීම ,වල් ෆැන්ටා කසාය,තුන් වන සිකපදය කැඩීම,නොනවතින වැස්ස ,කබල් පාරවල් වගේ ශාපත් බස්නාගල ගමටත් උරුමයි.ඒවයේ බලපෑම් අපේ මූසිලලාගෙන් දකින්න නැහැයි කියලා බොරු කියන්න බෑ.




 
ඒත් ඒ හැම ශාපයක්ම අතරින් උදේ හිරුත් එක්ක පිපිලා දහසක් බාධක මැද තක්සලාවට ඇවිත් හෙට ලෝකෙට ඉණිමං හදන පුංචි පැටවුන්ගේ දර්ශනය දැක්කාම හිතට එන්නේ මහ කැලේ මැද පිපුණු නිදිකුම්බා මල් රොත්තක්.හුඟක් අඩුපාඩු තියනව තමයි .ඒත් කටු අත්තක පිපිලා හිටියත් ලස්සනේ අඩුවක් නම් නෑ.

හෙට පිපෙන මේ පුංචි මල් අතරේ කවි ලියන්න කතා හදන්න චිත්‍ර අඳින්න දක්ෂයෝ අඩුවක් නැතිවම ඉන්නවා.ඒත් එයාලට ඒ දස්කම් ලෝකෙට පෙන්නන්න ලැබෙන අවස්ථා බොහොම හිඟයි.








මේ උත්සහයත් එයාලගේ ඒ දුර්ලභ හැකියා ලෝකෙට විවර කරන්නයි.

බුකී වාසීනි, බ්ලොග් කියවන්නනි 



 ඔයාලා මේ දරුවන්ට වඩා මේ ක්ෂේත්‍ර වල නිපුනයෝ...ඔයාලගෙ පුංචි ඇගයීමක් එක් මග පෙන්වීමක් එයාලට මහමෙරක ශක්තිය ගෙනෙවි.




මේ නිර්මාණ ඇගයීමේදී එයාලගෙ වයස සැලකිල්ලට ගන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලා හිටිනවා....










ඒ වගේම මේ බ්ලොක් එක දරුවන් පරිහරණය කරන බැවින් එයාලට අවිෂය වන ආකාරයේ කොමෙන්ටු පල නොකරන මෙන් කාරුණිකව ඉල්ලනවා





සාමාන්‍ය බ්ලොක් සම්ප්‍රදායන්ගෙන් පොඩ්ඩක් ඔබ්බට ගිහින් හෙට පායන මේ තරු වලට ශක්තියක් වෙන්න ඔයාලත් එකතු වෙනවද?












මවුනි දයාබර

ගීතිකා ඩිලානි සතරසිංහ කෑ/දෙහි/බස්නාගල මහා විදුහලේ 8 වසර ඒ පංතියේ ඉගනුම ලබන දරුවෙකි.ඉගනීමට නර්තනයට ගායනයට මෙන්ම සාහිත්‍යයටද උපන් හපන් කම් දෝත දරා පැමිණි ඇය මෑතකදී උදය රැස්වීම සඳහා “රෝජා දෙමළ චිත්‍රපටයේ ගීයක්“ ඉදිරිපත් කලේ  අසන්නන් ප්‍රබෝධයට පත් කරමිනි.
මේ කාලයකට ඉහත ඇය විසින් රචනා කරන ලද කවියකි









ගුරු ගෙදරට යන්න කලින්
අ ආ ඇ ඈ
කියා දුන්න පුංචි මගේ ගුරුවරියයි
මගෙ ආදර අම්මා......

පිරිසුදු ඇඳුමක් ඇඳලා
වටිටියකට මල් නෙලලා
බුදුන් වඳින හැටි මා හට
කියා දුන්නු අම්මා....

උදෑසනම අවදි වෙලා
මා හට ආහර හදලා
පුංචි මාව ගුරු ගෙදරට
ඇරලන මගෙ අම්මා......

පිවිතුරු හදවත නුඹගේ
වතුසුදු මලකී........
නුඹ මට දුන් ඒ සෙනෙහස
මහ සමුදුරකී........