Friday, September 25, 2015
Saturday, September 12, 2015
සුන්දරත්වය
ලක්ෂාන් උදය කාන්ත කෑ/දෙහි/බස්නාගල මහා විදුහලේ 12 වසරේ ඉගනුම ලබන දරුවෙකි. උසස් පෙල සඳහා චිත්‍ර විෂය කරන පාසලේ සිටින එකම දරුවාය.උසස්පෙල සඳහා පසුගිය මැයි මාසයේ අප පාසලට ඇතුලත් වූ ඔහු දුෂ්කර ගමනකින් අනතුරුව පොද්දෙනිකන්දේ සිට පාසල් එයි.අප ඇසුරින් ඔහුගේ සහජ දක්ෂතා ඔප වැටෙනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි
මේ ඔහු විසින් දිය සායම් මාධ්‍යෙයන් නිම කල චිත්‍රයකිSunday, September 6, 2015
රත්තරං දෝණියේ
ඩී.වී.
චතුරිකා මධුෂාණි දැන් 13 කළා පන්තියේ ඉගනුම ලබන්නීය.ශිෂ්‍යනායිකා ධූරයක්ද
හොබවන්නීය.මෙය ඇය 10 වසර
සිටියදී ලියන ලද කවි පංතියකි.
පිලිසිඳ
වැඩුනි කලලය මා හදෙහි ගැබ
ඉපදුන විටම
සුරතල් සුදු මූණ ඉඹ
සැනසෙමි පියකු
ලෙස ඔබෙ ආදරය ලැබ
සුදු දූ කුමරි
ඔබමය මගෙ සිහින ලොවේ
ඔබ මට විනා
වෙන කෙනෙකුට අයිති නොවේ
තාත්තී කියා
හිනැහෙන විටදි මුවේ
නැංවෙන මිහිර
හදවත ගැඹුරටම දිවේ
ඉහලට ඉගෙන ගෙන
වෙද විදුහලට ගියේ
වෙදදුරු වරිය
ලෙස ලෙඩ සුවකරන දැයේ
මගෙ සුදු දුවට
හැම දෙවි රැකවරණ තියේ
මා ලෙඩ ඇඳේ -
දුව ඇත මගෙ ලඟම වැටී
මැවි මැවි
පෙනේ මට උවටැන් කරන හැටී
වැඩිදුර යා
නොහැක මගෙ ජීවිතය කෙටී
මගෙ සුදු දෝණී
මුළු ලොවටම වඩා වටී
Saturday, September 5, 2015
සැඳෑ අසිරිය
පී.ඒ නයනා වීරසූරිය දැනට 12 වසරේ සිටින
දරුවෙකි.ඒ ගම්පහ ප්‍රදේශයේ පාසලකය.ඇය සාමාන්‍ය පෙල දක්වා ඉගනුම ලැබූවේ
කෑ/දෙහි/ බස්නාගල මහ විදුහලේදීය.මේ ඇයි
විසින් 10 වසර ඉගන ගනිද්දී උසස්පෙල පන්තියේ ඉගනුම ලබන සහෝදර ශිෂ්‍යාවකගේ ව්‍යාපෘතියක්
සඳහා ලබා දී තිබුනු කවියකි.මා එම කවියෙන් විඳි රසය ඔබටද දැනෙනු ඇතැයි යනු මගේ
හැඟීමයි
රන් සේලය පොරවාගෙන
රත් පාටින් දිලිසි දිලිසි
මගුල් ගෙයක යන්න වගෙයි
ගස් සැරසෙන්නේ
කැදැල්ලෙ උණුසුම සොයාන
දවස පුරා වෙහෙසීගෙන
කෑම සොයන් කුස පුරවන්
බත සපයා උදවු කරන
රට දැය නැගුමට වෙහෙසෙන
දවසේ වැඩ නිමවීගෙන
ගොවියෝ එන්නේ
නිල්පාටින් උදේ දිළුන
රන් පාටින් දැන් දිලිසෙන
සුන්දර හවසට මේ දින
ආසිරි ගෙන එයි කඳු පෙල
Friday, September 4, 2015
මගේම ආදර අම්මා
තරූෂි දුලාංජලී කෑ/දෙහි/ බස්නාගල මහ
විදුහලේ හත වසර ඒ පන්තියේ ඉගෙන ගන්නා
දරුවෙක්.මේ රචනාව ඉතා සාර්ථක නිර්මාණයක් නොවුනද මා අතට ගෙනැවිත් දුන් ඇගේ ඉදිරිපත් වීමම අගය
කරමින් මම මෙය පල කරමි.එසේම වදන් පැටලි පැටලී වුවත් මේ තුල ගැබ්ව ඇත්තේ තම අම්මා
කෙරෙහි ඇය තුල වූ ආදරය නොවේද?
දසමසක් කුස
තුල දරා මා මෙලොවට බිහි කලේ මගේම අම්මාය.එමෙන්ම ඇය ඇගේ ශරීරයේ ගමන් කරනා ලේ කිරි
බවට පත්කර මා හට පොවා මා වැඩුවේද ඇයයි.
මා පාසල් යවා
පිරිපුන් දරුවෙක් කිරීමට වෙහෙසුනේ මගේ ආදර අම්මාය.මගේ අභියෝග මැඩගෙන ඉදිරියට යාමට
උදවු කලේ මගේ සුරතලිය අම්මාය.
දුකේදිත්
සැපේදිත් මට පිළිසරණක් වූයේ මගේ මෑණියන්ය.සිරිත් විරිත් මට පෙන්වා දී සාරධර්ම පහදා
දී මා යහමගකට ගැනීමට වෙර දැරුවේ මගේ අම්මාය.දුකේදීත් සතුටේදී එළියක් වූ ඇය මට
හැමදා නොනිමි පහනකි.
Subscribe to:
Posts (Atom)