Wednesday, June 15, 2016

චූටි කුරුල්ලෝ

චන්දු නදී සෞභාග්යා කෑ/දැර/බස්නාගල මහ විදුහලේ  අට වසර   පංතියේ ඉගනුම ලබන දියණියකි.මේ ඇය විසින් රචනා කරන ලද කවි පංතියකි.කුඩා ඇයට ඔබෙන් අදහස් හා මඟ පෙන්වීම්  ඉතා වටීවි.



පාට පාට සේල අඳින
හරි ලස්සන සිංදු කියන
මුළු ලෝකෙම අවදි කරන චූටි කුරුල්ලෝ.....


පලතුරු පමණයි කන්‍නේ
තුරු වදුලෙයි ගැවසෙන්නේ
රෑන් පිටින් ඉගිලෙන්නේ චූටි කුරුල්ලෝ


ලෝකෙ වටේ පියා සලයි
මිහිරි සිංදු කියමින් යයි
කිසිවෙකු හට පහර නොදෙයි චූටි කුරුල්ලෝ...

උදෑසනම අවදි වෙන්නෙ
කෑම සොයා පියාඹන්නෙ

ආදර බර හිතක් තියන චූටි කුරුල්ලෝ...

Tuesday, June 7, 2016

සමනළයෝ


මේ කෑ/දෙහි/බස්නාගල මහ විදුහලේ අට වසර ඒ පංතියේ ඉගනුම ලබන වී.පී.ධනුෂ්කා දියණිය සමනළයකු සමඟ කල සංවාදයකි.



පාට පාට අත් තටු ඇති පුංචි පුංචි සමනළයෝ
මෙච්චර ලස්සන අත්තටු ඔබට කොහින්දෝ


-------
මෙච්චර ලස්සන අත්තටු දෙයියො දුන්න වරම් කියා
අපි සතුටින් හැම දාමත් කාලය ගෙව්වා



---------
හැමදාමත් අළුයම විත් එහෙ මෙහෙ අත පියා සලන්
ගස් අස්සේ මල් අස්‍ සේ මොනව සොයන්නේ
-------



හැමදාමත් පාන්දරම පරිසරයට ලස්සන දී
ගස් මල් අතරින් රිංගා පැණියි සොයන්නේ





----
සිරීපාද කන්ද වඳින කාලෙ ඇවිල්ලා
මම සිරීපාද කන්ද වඳින ගමනේ යනවා
පියඹා විත් සිරීපාද කන්ද වඳින්න

පින් රැස්කරගෙන ආයෙත් ආපහු එන්න