Friday, October 7, 2016

මුහුද

යශෝදා උපමාලි පසුගිය අවුරුද්දේ මගේ ඉතිහාසය පංතියේ හිටි කොණ්ඩය කොටට කැපූ නිහඩ කෙල්ල.දක්ශ නර්තන ශිල්පිනියක් කියල එදා මට අඳුන ගන්න බැරි වුනා.ඈ අද ශිෂ්‍ය නායිකාවක්.තාමත් 10 පංතියේ වුනත් දුලබ නිර්මාණශීලී මනසක් හිමියි.මේ ඇගේ ශෛලියයි.කවිත් නොවන,කවි නොවනත් නොවන ඇගේ ශෛලියයි.කතාවකුත් නොවන කතාවක්  නොවනත් නොවන අමුතුම වදන් හැසිරවීමේ මේ ශෛලිය ඇයටම ආවේනිකයි.මේ ඇගේ නිර්මාණයක්

රන් කරුවෙකුගේ ගෙත්තමක් මෙන්
සයුරේ රැලි මත
හිරු රැස් විහිදී
දිදුලන්නට විය

මෙවන් චමත්කාර සන්ධ්‍යාවක
අවසානය කෙමෙන් ලඟා විය
සොම්නස පිරි හිතෙහි
පිබිදෙන මලක් මෙන්
හෙට පායනහිරු පිළිබඳ
සොඳුරු බලාපොරොත්තු
හිතේ උපදියි

මුහුදු දිය සිඹින ගල් තලාවේහිඳින
මා නෙත් අවට ඇලී ගියේය
පොල් ගස් වැටින් මායිම්
වැටකේ පඳුරු
අවි දරා රකින්නා වැනිය
සයුරට එදිරිව වෙරල

පෙරළෙන රැල්ල නගන්නේ
විලාපයක්ද ගීතයක්ද?
බිය සහ සතුට එකවිටම
හිතට රිංගන්නේ මන්ද




දෙපා හොරෙන් මුදුව සිප
දියඹට පලායන රළට
හදේ  ලැග රිද්දන කටු පොකුර
එලෙසම ගෙන ගිය හැකි නම්?
පෙන පිඩුවක තවරා
එකම එක හිනාවක්
එවිය හැකිනම්!!!

අහසත් පොලවත් එක් වනවා නොව
ක්ෂිජය දෘෂ්ඨි මායාවක්ම බව

අකීකරු හිතකට පසක් කල හැකි නම්!!!