Tuesday, July 28, 2015

මවුනි දයාබර

ගීතිකා ඩිලානි සතරසිංහ කෑ/දෙහි/බස්නාගල මහා විදුහලේ 8 වසර ඒ පංතියේ ඉගනුම ලබන දරුවෙකි.ඉගනීමට නර්තනයට ගායනයට මෙන්ම සාහිත්‍යයටද උපන් හපන් කම් දෝත දරා පැමිණි ඇය මෑතකදී උදය රැස්වීම සඳහා “රෝජා දෙමළ චිත්‍රපටයේ ගීයක්“ ඉදිරිපත් කලේ  අසන්නන් ප්‍රබෝධයට පත් කරමිනි.
මේ කාලයකට ඉහත ඇය විසින් රචනා කරන ලද කවියකි









ගුරු ගෙදරට යන්න කලින්
අ ආ ඇ ඈ
කියා දුන්න පුංචි මගේ ගුරුවරියයි
මගෙ ආදර අම්මා......

පිරිසුදු ඇඳුමක් ඇඳලා
වටිටියකට මල් නෙලලා
බුදුන් වඳින හැටි මා හට
කියා දුන්නු අම්මා....

උදෑසනම අවදි වෙලා
මා හට ආහර හදලා
පුංචි මාව ගුරු ගෙදරට
ඇරලන මගෙ අම්මා......

පිවිතුරු හදවත නුඹගේ
වතුසුදු මලකී........
නුඹ මට දුන් ඒ සෙනෙහස
මහ සමුදුරකී........

11 comments:

  1. ohoma yan ohoma yan..ape punchi skole....

    ReplyDelete
  2. ape punchi skole. :- )...niyamai..

    ReplyDelete
  3. ස්තූතියි සර්...අපි එකතුවෙලා දරුවන්ගේ නිර්මාණ ලෝකෙට ගෙනියමු

    ReplyDelete
  4. දුවේ ඔයා හරි වාසනාවන්තයි.. ගෙදරදි වගේම මව් පිය සෙනෙහසක් ඔයාට මේ පුංචි පාසලේදීත් ලැබෙනව කියල ආදරණීය ගුරු මෑනිවරුන්ගේ හා ගුරු පියවරුන්ගේ මේ කැපවීම් වලින් හිතා ගතහැකි. සැමට ජය!
    - මම කල්‍යාණ මිත්‍ර මාමා (කවද හරි හම්බ උනොත් අඳුන ගන්න ඕනි හොඳද? ) :-)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා...දුව වෙනුවෙන් ටීචර් ස්තූති කරන්නම්කෝ

      Delete
  5. ඔන්න පුතේ ඔයාගේ කවිය දැන් මුළු ලෝකෙටම බලා ගන්න පුළුවන්..

    http://nelumyaya.com/?p=3875

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..මං දුවට කියන්නම්කෝ

      Delete
  6. ලස්සන බ්ලොග් එකක්. ඔන්න මම බ්ලොග් දර්ශකෙටත් දැම්ම ඉල්ලීමට අනුව. තව පොඩි අදහසක් දෙන්න කැමතියි. බ්ලොග් එක තව ඩිසයින් කරල විශේෂයෙන් Followers ගැජට් එක එහෙම ඇතුල් කරන්න සයිඩ් බාර් එකේ. එතකොට ඔයාගේ බ්ලොග් එකට රසික රසිකාවියන්ට සම්බන්ධ වෙන්නත් ලේසි වෙයි.

    ReplyDelete
  7. ස්තූතියි අයියේ...වෙලා තියෙන්නේ මට ඔය වැඩ කෑලි ගැන වැඩි තේරුමක් නැති එක.කැලේට පිපුනු මලුත් සම්පූර්ණයෙන්ම ඩිසයින් කලේ අටම් අයියා...මං තව ටිකක් උත්සහා කරන්නම්කෝ

    ReplyDelete