නදුනි අපූර්වා කෑ/දෙහි/බස්නාගල මහා විද්‍යාලයේ 7 - ඒ පන්තියේ දරුවෙක්
ඇත්තටම හැම වැඩක්ම කිසිම ඇදක් පළුද්දක් නැතිවෙන්න පිළිවෙලට කරන චුට්ටිත්තක් ආඩම්බර පාට ඉගනීමටත් දක්ෂ දරුවෙක්.මේ ඒ දරුවාගේ රචනාවකි...
සිහියේ තබාගන්න .ඇය තාමත් 7 වසර දරුවෙකි

ශාක පත්‍ර වල ඇති පිණි බිඳු හිරු රැසින්
දිලිසෙන්නේ මුතු කැට මෙනි.උදෑසනම වැඩ අරඹන මී මැස්සාගේ ගුම් ගුම් හඩ මල් අසලින් යන
විට අපට ඇසෙයි.මලක් මත වසා මලෙන් පැණි උරාබොන සමනළයාද අපූරු චමත්කාරයක් පරිසරයට
එක් කරයි.මේ උදෑසන ලේනුන්ද ටිං ටිං ගාමින් අතු මත දුව පනිති.ඉදුණු පළතුරු වල රස
බලති.පුංචි ළමයිද මේවා බලා සතුටක් ලබති.
හෝ හෝ හඩ නගමින් ගලා බසින දිය ඇළි ගංගා මේ
උදෑසන දක්නට ලැබීම කාටත් සතුටකි.පොකුණු වල පිපි ඇති ඕළු නෙළුම් මානෙල් සුවඳ ගම
පුරාම පැතිරෙයි.මෙම පියකරු උදෑසන කාටත් සතුට සාමය ගෙනදේ..
වාසනාවයි පුතේ තව ලියන්න ඒ වගේම මේ බ්ලොග් එක හරහා අපිට කියවන්න දෙනවටත් ඇඩ්මින් ගොයියටත් පිං
ReplyDeleteහා ..හා පිං අනුමෝදං කර ගන්නම්කෝ....අනිවා ළමයි 365කගේ නිර්මාණ කියවන්න රෙඩි වෙලා ඉන්න
ReplyDeleteඅගනා ලියවිල්ලක්...... තව තවත් අවස්ථාව දෙමු...
ReplyDeleteහොඳයි හොඳයි කුරුටු...තව දෙන්නම්කෝ
Delete/ කෑ / දෙහි / බස්නාගල මහා විද්‍යාලයේ …/
ReplyDeleteකෑ දෙහි.....හෙහ්....අපෙ හාමිනේලගෙ අක්කලගෙ ගෙදර යනකොටත් ඔය වගේම ඉස්කෝලයක් පහුවෙනව. කෑ / මොරදෙන මහා විද්‍යාලය....
නදුනි දුවට මගේ සුබපැතුම්!
අනේ රවියෝ....කොයි ඉස්කෝලෙත් පිටට ඇහෙන්නේ කෑමොර දෙන ඉස්කෝල තමයි.....දෙහි = දෙහිඕවිට කලාපය
ReplyDeleteස්තූතියි මං දුවට කියන්නම්
හුඟාක් හොඳයි. දීප්තිමත් අනාගතයක් තියෙනවා. හිතාමතාම නොවුනත් වියරණ (උක්තාක්යාත සම්බන්ධව) නිවැරදිව ලියවිලා තියෙනවා, එක තැනක් හැර.(ලේන්නුන්) වත්සලා ටීචර් ඒකත් කියල දෙන්න>
ReplyDeleteආනේ සර් මේ පැත්තට ඇවිත් ටීචර්ගෙ සර් කියා දුන්න එක මං මගේ ගෝලයාට කියා දෙන්නම් කෝ
ReplyDelete