Tuesday, July 28, 2015

එන්න .............බලන්න ...........අද ඉඳලා ..............හුඟක් ඈත දුර්ග නිම්නයක පිපීගෙන එන මල් වල ලස්සන ......සුවඳ

“කෑ/දෙහි/  බස්නාගල මහා විද්‍යාලය“
තාප්පෙ උඩින් එබිල බලන බෝඩ් ලෑල්ලෙ තියෙන්නෙ එහෙමයි.











විදුහල්පති,
කෑ/දෙහි/බස්නාගල මහා විද්‍යාලය
නූරිය                                                     ලිවුම් එන්නේ එහෙමයි
 




සාමාන්‍යෙයන් පරිපාලන කටයුතු වලදී අපි අයිති වෙන්නේ මේ විදියටයි
පළාත
-          සබරගමුව පලාත
දිස්ත්‍රික්කය
-          කෑගල්ල
අධ්‍යාපන කළාපය
-          දෙහිඕවිට
අධ්‍යාපන කොට්ඨාසය
-          දැරණියගල


දැරණියගල නගරයේ ඉඳන් ගිරි දුර්ග පසුකරගෙන බස් එකේ රුපියල් 40.00 ක දුර ගියාට පස්සේ  සිරිපා කඳු පෙනෙන මානයේ ලස්සන ගැමි පරිසරයක අපේ ඉස්කෝලෙ පිහිටලා තියනවා.




අපේ ඉස්කෝලෙ දිසාපාමොක්වරු 31 ආසන්න ගානක් ඉන්නවා..මූසිලලා 365ක් ඉන්නවා.අපේ දිසාපාමොක් වරු නම් ගුත්තිල වගේ නෙමෙයි.අපේ මූසිලලා අපි අභිබවා යන දවස ගැනයි හීන දකින්නේ.









ලංකාවේ ගැමි පරිසරයකදි දකින්න පුළුවන් අව්‍යාජත්වය,සරල කම,සදාචාරය,කීකරුකම,ස්වභාව සුන්දරත්වය වගේ ආශිර්වාදත් එදාවේල ගැන පමණක් හිතීම ,වල් ෆැන්ටා කසාය,තුන් වන සිකපදය කැඩීම,නොනවතින වැස්ස ,කබල් පාරවල් වගේ ශාපත් බස්නාගල ගමටත් උරුමයි.ඒවයේ බලපෑම් අපේ මූසිලලාගෙන් දකින්න නැහැයි කියලා බොරු කියන්න බෑ.




 
ඒත් ඒ හැම ශාපයක්ම අතරින් උදේ හිරුත් එක්ක පිපිලා දහසක් බාධක මැද තක්සලාවට ඇවිත් හෙට ලෝකෙට ඉණිමං හදන පුංචි පැටවුන්ගේ දර්ශනය දැක්කාම හිතට එන්නේ මහ කැලේ මැද පිපුණු නිදිකුම්බා මල් රොත්තක්.හුඟක් අඩුපාඩු තියනව තමයි .ඒත් කටු අත්තක පිපිලා හිටියත් ලස්සනේ අඩුවක් නම් නෑ.

හෙට පිපෙන මේ පුංචි මල් අතරේ කවි ලියන්න කතා හදන්න චිත්‍ර අඳින්න දක්ෂයෝ අඩුවක් නැතිවම ඉන්නවා.ඒත් එයාලට ඒ දස්කම් ලෝකෙට පෙන්නන්න ලැබෙන අවස්ථා බොහොම හිඟයි.








මේ උත්සහයත් එයාලගේ ඒ දුර්ලභ හැකියා ලෝකෙට විවර කරන්නයි.

බුකී වාසීනි, බ්ලොග් කියවන්නනි 



 ඔයාලා මේ දරුවන්ට වඩා මේ ක්ෂේත්‍ර වල නිපුනයෝ...ඔයාලගෙ පුංචි ඇගයීමක් එක් මග පෙන්වීමක් එයාලට මහමෙරක ශක්තිය ගෙනෙවි.




මේ නිර්මාණ ඇගයීමේදී එයාලගෙ වයස සැලකිල්ලට ගන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලා හිටිනවා....










ඒ වගේම මේ බ්ලොක් එක දරුවන් පරිහරණය කරන බැවින් එයාලට අවිෂය වන ආකාරයේ කොමෙන්ටු පල නොකරන මෙන් කාරුණිකව ඉල්ලනවා





සාමාන්‍ය බ්ලොක් සම්ප්‍රදායන්ගෙන් පොඩ්ඩක් ඔබ්බට ගිහින් හෙට පායන මේ තරු වලට ශක්තියක් වෙන්න ඔයාලත් එකතු වෙනවද?












9 comments:

  1. නියමයි!!
    අපෙන් ෆුල් සප් එක......

    ReplyDelete
  2. තෑන්කුයි මල්ලා

    ReplyDelete
  3. සුභ පැතුම් ටීචර්.. පුළුවන් සහයෝගයක් දෙන්නම්. (කැලේට පිපුණු මල් පරවෙන්න දෙන්නත් තහනම් හොඳේ..)

    ReplyDelete
    Replies
    1. නෑ...නෑ මිත්තරේ...කැලේට පිපෙන්නේ මගේ මල්....අංකුර වල හැදෙන්නේ මගේ දරුවන්ගේ කැකුළු

      Delete
  4. Replies
    1. ගොඩක් ස්තූතියි යාළු

      Delete
  5. පුළුවන් සහයෝගයක් දෙන්නම්

    ReplyDelete
  6. සුබ පැතුම් සැමට ...

    ReplyDelete