Friday, July 31, 2015

උදෑසනක අසිරිය



නදුනි අපූර්වා කෑ/දෙහි/බස්නාගල මහා විද්‍යාලයේ 7 - ඒ පන්තියේ දරුවෙක්
ඇත්තටම හැම වැඩක්ම කිසිම ඇදක් පළුද්දක් නැතිවෙන්න පිළිවෙලට කරන චුට්ටිත්තක් ආඩම්බර පාට  ඉගනීමටත් දක්ෂ දරුවෙක්.මේ ඒ දරුවාගේ රචනාවකි...
සිහියේ තබාගන්න .ඇය තාමත් 7 වසර දරුවෙකි

හිරුකුමරා කඳු අතරින් නැගී එන්නේ මුළු පරිසරයම ආලෝකමත් කරමිනි.නිදි යහනෙහි උන් පුංචි පුංචි මල් කැකුළු විකසිත වන්නේ මුළු පරිසරයම සුවඳවත් කරමිනි.රාත්‍රි කාලය පුරා නිහඩව නිදා සිටි විහඟුන් කීචි බීචි හඩ නගමින් කෑමසොයා යද්දී මිනිස්සුද හනි හනිකට තම වැඩ කටයුතු අරඹති.පාසල් ඵමයි මල් පොකුරු සේ සිනා සෙමින් පාසල් යති.
ශාක පත්‍ර වල ඇති පිණි බිඳු හිරු රැසින් දිලිසෙන්නේ මුතු කැට මෙනි.උදෑසනම වැඩ අරඹන මී මැස්සාගේ ගුම් ගුම් හඩ මල් අසලින් යන විට අපට ඇසෙයි.මලක් මත වසා මලෙන් පැණි උරාබොන සමනළයාද අපූරු චමත්කාරයක් පරිසරයට එක් කරයි.මේ උදෑසන ලේනුන්ද ටිං ටිං ගාමින් අතු මත දුව පනිති.ඉදුණු පළතුරු වල රස බලති.පුංචි ළමයිද මේවා බලා සතුටක්  ලබති.


හෝ හෝ හඩ නගමින් ගලා බසින දිය ඇළි ගංගා මේ උදෑසන දක්නට ලැබීම කාටත් සතුටකි.පොකුණු වල පිපි ඇති ඕළු නෙළුම් මානෙල් සුවඳ ගම පුරාම පැතිරෙයි.මෙම පියකරු උදෑසන කාටත් සතුට සාමය ගෙනදේ..

8 comments:

  1. වාසනාවයි පුතේ තව ලියන්න ඒ වගේම මේ බ්ලොග් එක හරහා අපිට කියවන්න දෙනවටත් ඇඩ්මින් ගොයියටත් පිං

    ReplyDelete
  2. හා ..හා පිං අනුමෝදං කර ගන්නම්කෝ....අනිවා ළමයි 365කගේ නිර්මාණ කියවන්න රෙඩි වෙලා ඉන්න

    ReplyDelete
  3. අගනා ලියවිල්ලක්...... තව තවත් අවස්ථාව දෙමු...

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි කුරුටු...තව දෙන්නම්කෝ

      Delete
  4. / කෑ / දෙහි / බස්නාගල මහා විද්‍යාලයේ …/

    කෑ දෙහි.....හෙහ්....අපෙ හාමිනේලගෙ අක්කලගෙ ගෙදර යනකොටත් ඔය වගේම ඉස්කෝලයක් පහුවෙනව. කෑ / මොරදෙන මහා විද්‍යාලය....

    නදුනි දුවට මගේ සුබපැතුම්!

    ReplyDelete
  5. අනේ රවියෝ....කොයි ඉස්කෝලෙත් පිටට ඇහෙන්නේ කෑමොර දෙන ඉස්කෝල තමයි.....දෙහි = දෙහිඕවිට කලාපය

    ස්තූතියි මං දුවට කියන්නම්

    ReplyDelete
  6. හුඟාක් හොඳයි. දීප්තිමත් අනාගතයක් තියෙනවා. හිතාමතාම නොවුනත් වියරණ (උක්තාක්යාත සම්බන්ධව) නිවැරදිව ලියවිලා තියෙනවා, එක තැනක් හැර.(ලේන්නුන්) වත්සලා ටීචර් ඒකත් කියල දෙන්න>

    ReplyDelete
  7. ආනේ සර් මේ පැත්තට ඇවිත් ටීචර්ගෙ සර් කියා දුන්න එක මං මගේ ගෝලයාට කියා දෙන්නම් කෝ

    ReplyDelete