Sunday, August 9, 2015

කළුවර



සමිත් උදාර ....කෑ/දෙහි/ බස්නාගල මහා විද්‍යාලයේ 12 වසර වාණිජ පන්තියේ (ඒ කියන්නේ මම උගන්නන පන්තියක)ඉගෙන ගන්න දරුවෙක්.....හුඟක් වටිනා ....ඒත් තමන්ගේ වටිනාකම අවබෝධ කර ගන්න උත්සහා නොකරන දරුවෙක් හැටියට සමිත් මගේ මතකයේ ඉන්නවා....ලස්සනට සින්දු කියන්නයි...සංගීත භාණ්ඩ රැසක් වාදනය කරන්නයි ඔහු දක්ෂ බව සංගීත ගුරුතුමිය පැවසුවත් ඇය සහ දරුවාගේ හොඳම යහළුවන් කිහිපදෙනෙක් හැර වෙන කවුරුත් ඒ දස්කම දැක නැති ගානයි.....චිත්‍ර කලාවත් ඔහු උපතින්ම ලද දායාදයක්...එය ඔහු ප්‍රගුණ නොකලත් අමුතු ශෛලියකින් ඔහු අඳින චිත්‍ර හුඟක් ලස්සනයි

ඉගනීමට  උගත් දෑ ධාරණය කර ගැනීමට හා මතක තබා ගැනීමට විස්මිත ශක්තියක් ඔහු සතුයි...

ඔහු ගැන අපේ හීන බොහොමයි.....ඔහුගේම විලාසිතාවට පිටු 40 සී.ආර් පොතක් රෝල් කරලා කලිසම් සාක්කුවේ ඔබාගෙන එකම නිල් පෑනක් සාක්කුවේ දාගෙන කිසිවක් ගනන් නොගන්නා ලීලාවෙන් සරසවියක මාවතක් දිගේ ඔහු පිය මනින දින එනකල් අපි මග බලන් ඉන්නවා

ඒ දේ කල යුතුයි යන හැඟීම එක් අංශුවක් හෝ හිතේ රැඳේ නම් ඔහුට එය කල හැකියි

4 comments:

  1. මේක පට්ටනේ?
    සප් එකක් දුන්නනම් හොද තැනකට යන්ඩ පුළුවන් කොල්ලෙක්!

    ReplyDelete
  2. හැම අතින්ම හොඳ අතකට යන්න පුළුවන් කොල්ලෙක්...උනන්දුවක් තියනවනම්

    ReplyDelete
  3. මේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීම ඉතාම වටිනවා... ඒ පුතාට සුභපැතුවාය කියන්න

    ReplyDelete
  4. හොඳයි කුරුටු අනිවා කියනවා

    ReplyDelete