අප පාසලේ ගුරු දින උත්සව සැමරුම සඳහා දරුවන් විසින්
සකස් කරන ලද සමරු කලාපයට ඇතුලත් වුන නිර්මාණයකි.
මෙය 11 වසර ශනාලි
කෞෂල්‍යා දියණියගේ නිර්මාණයකි
ගුරු පියාණනේ
අසෙනි වැසි වැටුනා
හිරිමල් හිත උඩ හිරිකඩ
තැවරී
පිණි සිසිලක් රැඳුනා
ඇසි පිය දිග හැරුනා
කීරි ගැහුනු සිතිවිලි රැදි හදවත
මද්දහනම නිවුනේ ඔබ
හින්දයි
ගුරු
පියාණනේ..........
පාළු කොදෙව්වේ යුග
ඳුරු දුරු කොට
ඉන්ද්‍ර නීල නෙත්
ඉඳුවර මුහු කල
රැහැයි හඩන රෑ තනි මා
අසලක
තරු ලකුණක් වුන ඔබේ
දයාවට
පුදන්නට දෙයක් නෑ
ඉතිරිව මා ලඟ
ගුරු
පියාණනේ...........
ඇවිත් ගයන්නම් ඒ
වෙනුවට
කොබෙයි ගීයක අවසන් පද
පෙල
නිශා ඉමේ කළු වලා
සඳැල්ලට
ආ මග වැරදුනි පිං මදි හන්දම
ඔබයි පියේ සඳකැන් මත
තැවරුන
කාන්තියක් වී මාවත
පෙන්නුව
පුදමි කුසුම් ගුරු
පියාණනේ ඔබ ලඟ
අැත්තට ම මේ තරම් නිර්මාණ හැකියාවක් ගැන හිතාගන්නවත් බැරි තරම්......
ReplyDeleteමටත් එහෙමයි කුරුටු...මාත් හොල්මං උනා
ReplyDeleteවෙන කියන්න දෙයක් නෑ.......... පට්ට..........
ReplyDeleteස්තූතියි
ReplyDelete