Saturday, October 31, 2015

මම රෝස මලක් වෙමි

මේ 7 වසර ඒ පන්තියේ නඳුනි අපූර්වා දියනියගේ නිරිමාණයකි...


මම රෝස මලක් වෙමි...
ඈත කඳු අතරිනි හිරු කුමරා පායා එද්දී හිරු කුමරුගේ ලා හිරැ රැස් විඳිමින් මම විකසිත වෙමි.කුරුල්ලන්ගේ මිහිරි ගී අසමින් මගේ සුවඳ දසඅත විහිදුවමි.මගේ සිනිඳු පෙති මත දිලිසෙන පිණි බිඳු ඈතට පේන්නේ මුතු කැට මෙනි.එය මට මහත් ආඩම්බරයකි.
පුංචි පුංචි සමනලයෝ මා වටා කරකැවෙමින් මගේ පැණි උරා බොමින් මා වටා තාලයට පියාසර කරති.එය මට සතුටකි.පුංචි ළමයිද මා  ප්‍රියකරති.මමද ඔවුන් ප්‍රියකරමි.මා ස්පර්ෂ කරමින් මගේ සුවඳ විඳිමින් ඔවුන් සතුටු වෙති.
මා ඉතා අලංකාර නිසා මා නම් සිටින්නේ ගහේ ඉහලම අත්තේ තනි මලක් ලෙසටයි.මගේ පුංචි යාළුවෝ එක පොකුරට සිටීමට ප්‍රිය කරති.හග්ගල උයනේ රක්ත වර්ණයෙන් විකසිතව සිටින මා නැරඹීමට බොහෝ සංචාරකයෝ පැමිනෙති.එවිට මට හැඟෙන්නේ මා නිසා රටම ලස්සන වී ඇති බවයි.මා වටා ඇති කටු මගේ ආරක්ෂකයෝය.

රූං රූං කියමින් මගේ වටේ කරකැවෙන මී මැස්සෝ මගේ පාළුව මකා දමති.කවුරුන් හෝ මාව බුදු හිමිට පූජා කරත්වා! යන්න මගේ ප්‍රාර්ථනයයි.

3 comments:

  1. මේක හොද වැඩක් බං , මෙහෙම ගැට්ට තියන ටීචර්ලා අපිට හිටියේ නැනේ

    ReplyDelete
  2. සුබ පැතුම් පුංචි නැගණියේ..

    ReplyDelete