
රන් සේලය පොරවාගෙන
රත් පාටින් දිලිසි දිලිසි
මගුල් ගෙයක යන්න වගෙයි
ගස් සැරසෙන්නේ
කැදැල්ලෙ උණුසුම සොයාන
දවස පුරා වෙහෙසීගෙන
කෑම සොයන් කුස පුරවන්
බත සපයා උදවු කරන
රට දැය නැගුමට වෙහෙසෙන
දවසේ වැඩ නිමවීගෙන
ගොවියෝ එන්නේ
නිල්පාටින් උදේ දිළුන
රන් පාටින් දැන් දිලිසෙන
සුන්දර හවසට මේ දින
ආසිරි ගෙන එයි කඳු පෙල
හරිම ලස්සනයි..... අැයට සුභ පැතුවාය කියන්න
ReplyDeleteස්තූතියි කුරුටු
ReplyDelete