
පිලිසිඳ
වැඩුනි කලලය මා හදෙහි ගැබ
ඉපදුන විටම
සුරතල් සුදු මූණ ඉඹ
සැනසෙමි පියකු
ලෙස ඔබෙ ආදරය ලැබ
සුදු දූ කුමරි
ඔබමය මගෙ සිහින ලොවේ
ඔබ මට විනා
වෙන කෙනෙකුට අයිති නොවේ
තාත්තී කියා
හිනැහෙන විටදි මුවේ
නැංවෙන මිහිර
හදවත ගැඹුරටම දිවේ
ඉහලට ඉගෙන ගෙන
වෙද විදුහලට ගියේ
වෙදදුරු වරිය
ලෙස ලෙඩ සුවකරන දැයේ
මගෙ සුදු දුවට
හැම දෙවි රැකවරණ තියේ
මා ලෙඩ ඇඳේ -
දුව ඇත මගෙ ලඟම වැටී
මැවි මැවි
පෙනේ මට උවටැන් කරන හැටී
වැඩිදුර යා
නොහැක මගෙ ජීවිතය කෙටී
මගෙ සුදු දෝණී
මුළු ලොවටම වඩා වටී
හැකියාවක් අැති දුවෙක්... අැයට සුභ පැතුවාය කියන්න...
ReplyDeleteස්තූතියි කුරුටු.මං කියන්නම්කෝ
ReplyDelete