Tuesday, September 6, 2016

යහපත් රජ කුමරු හා සුරංගනාව

මට හෙම්බිරිස්සාවක් හැදී වූ අකරතැබ්බය ඔබමෙතනින් කියවන්ඩ ඇති.මේ අට ඒ පංතියේ එච්.ජී. දුල්මි දියණිය මගේ අභියෝගය පාර ගත් ආකාරයයි
එකමත් එක රටක යහපත් රජ කුමාරයෙක් ජීවත් විය.ඔහු හැමදාම තම යාළුවා සයිමන් සමඟ ලස්සන උයනකට යනවා.එක දවසක් උයන පුරාම ඇවිදල මහන්සිය නිවා ගන්න ගහක් යට වාඩි වුන ඔවුන්ගෙන් “ඔබලාට මහන්සිදැයි“ විමසන හඩක් ඇසුනා.කලබල වෙලා බලනකොට ගහ ඔවුන් මවිතයට පත්කරමින් හිනා වෙවි ඔවුන් දෙස බලා හිටියා.

ඔබ තරුණයි...ඔබට බිරිඳක් සිටිනවද?මලක් ඇහුවා

නෑ..

“ඉතා දුර ඈත රටේ මාලිගාවක ලස්සන සුරංගනාවියක් ඉන්නවා...ඇය නම් ඔබට සුදුසු බිරිඳක් වේවි...රිදී පාට කිරිල්ලියක් කීවා.ඒ  ලඟ ඉඳන් රන් පාට කිරිල්ලියක් ඔළුව වැනුවා

සුරංගනාව ඉන්නේ කොහෙද කුමාරයා ඇහුව

එයා ඉන්නේ හුඟක් ඈත.ඒත් මේ උයන කෙලවරේ තියන පාළු මාලිගාවෙ ඉඳන් සුරංගනාවිගෙ ගෙදරට යන්ඩ රහස් උමඟක් තියනව.ඒ ගේ හුඟක් භයානකයි.ඒ මාලිගාවෙ විසිස්ත කාමරේ ගිණි උඳුනට ඉහලින් තියන සුරංගනාවිගෙ පිංතූරෙ රාමුව අතගාලා මෙහෙම කියන්න

“මල් ලස්සනයි මල් ලස්සනයි මල් ලස්සනයි...මට ලස්සන සුරංගනාවි මුණ ගැහෙන්න ඕනෑ“රත්තරං පාට කිරිල්ලි පාර කියා දුන්න

කුමාරයා හා සයිමන් මාලිගාව ළඟට යනකොට එක පාරටම මාලිගාව ඔවුන් හපා කන්ඩ පැන්නා....කුමාරයා කඩුව අතට අරන් නපුරු මාලිගාව පරාද කරා.

මං පරාදයි.ඔබට ඇතුල් වෙන්ඩ පුළුවන් මාලිගාව කීවා

සුරංගනාවිගෙ පිංතූරෙ හොයාගෙන කුරුල්ලා කීව විදියටම කලා.ටික වෙලාවකින් පිංතූරෙ අතුරුදහන් වෙලා එතන දොරක් මැවුනා.යාළුවෝ දෙන්නා දොර ඇරගෙන ඇතුලට ගියා.

හැම තැනම ගින්දර....ලෝදිය ගංගා වගේ ගලාගෙන ගියා

මේක නං හපා කන මාලිගාවටත් වඩා භයානක තැනක් වගේ.සයිමන් බය වෙලා කීවා

භයානකයි හුඟකි කල්පනවෙන් ඉන්න..නැත්තං මැරෙන්න වෙයි..කට හඩක් ඇහුනා..කුමාරයා වටපිට බලනකොට කුරුල්ලො දෙන්නත් එයාල පස්සෙන්ම ඇවිත් ඉන්නව දැක්කා

ඇතුල හරිම රස්නෙයි..

කොහොමද මේ ගින්දර හැදෙන්නෙ ..සයිමන් ඇහුව

මකරෙක් ගිණි පිඹිනව

යාළුවො දෙන්න මකර පේන මානයට ගියා.මකර තරහෙන් ඔරවල බැළුව.කුමාරය දැක්ක මකරගෙ කකුලෙ ලොකු යකඩ හෙල්ලක් ඇනිල තියනව.

කරුණාවන්ත කුමාරයට හුඟක් දුක හිතුන.අපි ඔයාට උදවු කරන්නද? එයා ඇහුව

ස්තූතියි...සුරංගනා සහෝදරියො පැහැරගෙන යන්ඩ ආපු නපුරු රජෙක් තමයි මේක කලේ ..මට හුඟක් රිදෙනව...මකර කිව්ව


අපිට ඔයා ළඟට එන්න නං මේ ගින්දර නිවන්න ඕන..නැත්තං අපි පිච්චිලා මැරෙයි...සයිමන් කීවා.

මකරා සේරම ගින්දර උරා බීව.යාළුවො දෙන්න හෙල්ල පරිස්සමෙන් ගලවලා අයින් කරල තුවාලය වතුර වලින් හේදුව.

කිරිල්ලියො දෙන්න තමන්ගෙ පිහාටුව ගානෙ ගලවල කුමාරයට දුන්න.ඒ පිහාටු වලින් තුවාලය පිරිමදිනකොට බලාඉන්නැද්දි තුවාලය හොඳ වුනා.


ඔබ  දෙන්නාම හරිම කරුනාවන්තයි.මගේ කැපකාර දියණිවරුන් වන රන් සුරංගනාවයි  රිදී සුරංගනාවියයි ඔබ දෙන්නට විවාහ කරල දෙනව.සතුටින් ජීවත් වෙන්න. මගේ රාජකාරිය අවසානයි.කියූ මකරා අහසට පියාඹන ගමන් නිල් පාට දුම් වලාවක් කිරිල්ලියා දිහාට විද්ද.ඔවුන් එකපාරටම ලස්සන ගෑනු ලමයි බවට පත් වුනා...ආපහු රජ මාලිගාවට ආපු මේ හතර දෙනා සන්තෝසෙන් ජීවත් වුනා

4 comments:

  1. පොඩි මෙන්ඩට කියලා දෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩෝ...අළුත් සුරංගනා කතාවක් නොවැ

      Delete
  2. බ්ලොගර් ෆලෝවරය දාන්න ටීචර්

    ReplyDelete