Friday, September 25, 2015

සම්ප්‍රදාය

රුචිර අප පාසලේ  9 වසර  ඒ පන්තියේ ඉගනුම ලබන දරුවෙකි.මේ ඔහු පැස්ටල් මාධ්‍යෙයන් නිම කරන ලද චිත්‍ර 02කි


Saturday, September 12, 2015

සුන්දරත්වය



ලක්ෂාන් උදය කාන්ත කෑ/දෙහි/බස්නාගල මහා විදුහලේ 12 වසරේ ඉගනුම ලබන දරුවෙකි. උසස් පෙල සඳහා චිත්‍ර විෂය කරන පාසලේ සිටින එකම දරුවාය.උසස්පෙල සඳහා පසුගිය මැයි මාසයේ අප පාසලට ඇතුලත් වූ ඔහු දුෂ්කර ගමනකින් අනතුරුව පොද්දෙනිකන්දේ සිට පාසල් එයි.අප ඇසුරින් ඔහුගේ සහජ දක්ෂතා ඔප වැටෙනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි
මේ ඔහු විසින් දිය සායම් මාධ්‍යෙයන් නිම කල චිත්‍රයකි




Sunday, September 6, 2015

රත්තරං දෝණියේ


ඩී.වී. චතුරිකා මධුෂාණි දැන් 13 කළා පන්තියේ ඉගනුම ලබන්නීය.ශිෂ්‍යනායිකා ධූරයක්ද හොබවන්නීය.මෙය ඇය 10 වසර සිටියදී  ලියන ලද කවි පංතියකි.





මගේ කුසේ නූපන්නද දුවේ නුඹ
පිලිසිඳ වැඩුනි කලලය මා හදෙහි ගැබ
ඉපදුන විටම සුරතල් සුදු මූණ ඉඹ
සැනසෙමි පියකු ලෙස ඔබෙ ආදරය ලැබ











සුදු දූ කුමරි ඔබමය මගෙ සිහින ලොවේ
ඔබ මට විනා වෙන කෙනෙකුට අයිති නොවේ
තාත්තී කියා හිනැහෙන විටදි මුවේ
නැංවෙන මිහිර හදවත ගැඹුරටම දිවේ





ඉහලට ඉගෙන ගෙන වෙද විදුහලට ගියේ
සපුරා මගෙ පැතුම් පුරවා තිබුන ලයේ
වෙදදුරු වරිය ලෙස ලෙඩ සුවකරන දැයේ
මගෙ සුදු දුවට හැම දෙවි රැකවරණ තියේ






මා ලෙඩ ඇඳේ - දුව ඇත මගෙ ලඟම වැටී
මැවි මැවි පෙනේ මට උවටැන් කරන හැටී
වැඩිදුර යා නොහැක මගෙ ජීවිතය කෙටී

මගෙ සුදු දෝණී මුළු ලොවටම වඩා වටී

Saturday, September 5, 2015

සැඳෑ අසිරිය



පී.ඒ නයනා වීරසූරිය දැනට 12 වසරේ සිටින දරුවෙකි.ඒ ගම්පහ ප්‍රදේශයේ පාසලකය.ඇය සාමාන්‍ය පෙල දක්වා ඉගනුම ලැබූවේ කෑ/දෙහි/  බස්නාගල මහ විදුහලේදීය.මේ ඇයි විසින් 10 වසර ඉගන ගනිද්දී උසස්පෙල පන්තියේ ඉගනුම ලබන සහෝදර ශිෂ්‍යාවකගේ ව්‍යාපෘතියක් සඳහා ලබා දී තිබුනු කවියකි.මා එම කවියෙන් විඳි රසය ඔබටද දැනෙනු ඇතැයි යනු මගේ හැඟීමයි

රන් සේලය පොරවාගෙන
රත් පාටින් දිලිසි දිලිසි
මගුල් ගෙයක යන්න වගෙයි
ගස් සැරසෙන්නේ

කැදැල්ලෙ උණුසුම සොයාන
දවස පුරා වෙහෙසීගෙන
කෑම සොයන් කුස පුරවන්
විහඟුන් එන්නේ

බත සපයා උදවු කරන
රට දැය නැගුමට වෙහෙසෙන
දවසේ වැඩ නිමවීගෙන
ගොවියෝ එන්නේ

නිල්පාටින් උදේ දිළුන
 රන් පාටින් දැන් දිලිසෙන
සුන්දර හවසට මේ දින

ආසිරි ගෙන එයි කඳු පෙල

Friday, September 4, 2015

මගේම ආදර අම්මා





 තරූෂි දුලාංජලී  කෑ/දෙහි/ බස්නාගල මහ විදුහලේ හත වසර ඒ පන්තියේ  ඉගෙන ගන්නා දරුවෙක්.මේ රචනාව ඉතා සාර්ථක නිර්මාණයක් නොවුනද  මා අතට ගෙනැවිත් දුන් ඇගේ ඉදිරිපත් වීමම අගය කරමින් මම මෙය පල කරමි.එසේම වදන් පැටලි පැටලී වුවත් මේ තුල ගැබ්ව ඇත්තේ තම අම්මා කෙරෙහි ඇය තුල වූ ආදරය නොවේද?

දසමසක් කුස තුල දරා මා මෙලොවට බිහි කලේ මගේම අම්මාය.එමෙන්ම ඇය ඇගේ ශරීරයේ ගමන් කරනා ලේ කිරි බවට පත්කර මා හට පොවා මා වැඩුවේද ඇයයි.
මා පාසල් යවා පිරිපුන් දරුවෙක් කිරීමට වෙහෙසුනේ මගේ ආදර අම්මාය.මගේ අභියෝග මැඩගෙන ඉදිරියට යාමට උදවු කලේ මගේ සුරතලිය අම්මාය.

දුකේදිත් සැපේදිත් මට පිළිසරණක් වූයේ මගේ මෑණියන්ය.සිරිත් විරිත් මට පෙන්වා දී සාරධර්ම පහදා දී මා යහමගකට ගැනීමට වෙර දැරුවේ මගේ අම්මාය.දුකේදීත් සතුටේදී එළියක් වූ ඇය මට හැමදා නොනිමි පහනකි.

Sunday, August 9, 2015

කළුවර



සමිත් උදාර ....කෑ/දෙහි/ බස්නාගල මහා විද්‍යාලයේ 12 වසර වාණිජ පන්තියේ (ඒ කියන්නේ මම උගන්නන පන්තියක)ඉගෙන ගන්න දරුවෙක්.....හුඟක් වටිනා ....ඒත් තමන්ගේ වටිනාකම අවබෝධ කර ගන්න උත්සහා නොකරන දරුවෙක් හැටියට සමිත් මගේ මතකයේ ඉන්නවා....ලස්සනට සින්දු කියන්නයි...සංගීත භාණ්ඩ රැසක් වාදනය කරන්නයි ඔහු දක්ෂ බව සංගීත ගුරුතුමිය පැවසුවත් ඇය සහ දරුවාගේ හොඳම යහළුවන් කිහිපදෙනෙක් හැර වෙන කවුරුත් ඒ දස්කම දැක නැති ගානයි.....චිත්‍ර කලාවත් ඔහු උපතින්ම ලද දායාදයක්...එය ඔහු ප්‍රගුණ නොකලත් අමුතු ශෛලියකින් ඔහු අඳින චිත්‍ර හුඟක් ලස්සනයි

ඉගනීමට  උගත් දෑ ධාරණය කර ගැනීමට හා මතක තබා ගැනීමට විස්මිත ශක්තියක් ඔහු සතුයි...

ඔහු ගැන අපේ හීන බොහොමයි.....ඔහුගේම විලාසිතාවට පිටු 40 සී.ආර් පොතක් රෝල් කරලා කලිසම් සාක්කුවේ ඔබාගෙන එකම නිල් පෑනක් සාක්කුවේ දාගෙන කිසිවක් ගනන් නොගන්නා ලීලාවෙන් සරසවියක මාවතක් දිගේ ඔහු පිය මනින දින එනකල් අපි මග බලන් ඉන්නවා

ඒ දේ කල යුතුයි යන හැඟීම එක් අංශුවක් හෝ හිතේ රැඳේ නම් ඔහුට එය කල හැකියි

Friday, July 31, 2015

උදෑසනක අසිරිය



නදුනි අපූර්වා කෑ/දෙහි/බස්නාගල මහා විද්‍යාලයේ 7 - ඒ පන්තියේ දරුවෙක්
ඇත්තටම හැම වැඩක්ම කිසිම ඇදක් පළුද්දක් නැතිවෙන්න පිළිවෙලට කරන චුට්ටිත්තක් ආඩම්බර පාට  ඉගනීමටත් දක්ෂ දරුවෙක්.මේ ඒ දරුවාගේ රචනාවකි...
සිහියේ තබාගන්න .ඇය තාමත් 7 වසර දරුවෙකි

හිරුකුමරා කඳු අතරින් නැගී එන්නේ මුළු පරිසරයම ආලෝකමත් කරමිනි.නිදි යහනෙහි උන් පුංචි පුංචි මල් කැකුළු විකසිත වන්නේ මුළු පරිසරයම සුවඳවත් කරමිනි.රාත්‍රි කාලය පුරා නිහඩව නිදා සිටි විහඟුන් කීචි බීචි හඩ නගමින් කෑමසොයා යද්දී මිනිස්සුද හනි හනිකට තම වැඩ කටයුතු අරඹති.පාසල් ඵමයි මල් පොකුරු සේ සිනා සෙමින් පාසල් යති.
ශාක පත්‍ර වල ඇති පිණි බිඳු හිරු රැසින් දිලිසෙන්නේ මුතු කැට මෙනි.උදෑසනම වැඩ අරඹන මී මැස්සාගේ ගුම් ගුම් හඩ මල් අසලින් යන විට අපට ඇසෙයි.මලක් මත වසා මලෙන් පැණි උරාබොන සමනළයාද අපූරු චමත්කාරයක් පරිසරයට එක් කරයි.මේ උදෑසන ලේනුන්ද ටිං ටිං ගාමින් අතු මත දුව පනිති.ඉදුණු පළතුරු වල රස බලති.පුංචි ළමයිද මේවා බලා සතුටක්  ලබති.


හෝ හෝ හඩ නගමින් ගලා බසින දිය ඇළි ගංගා මේ උදෑසන දක්නට ලැබීම කාටත් සතුටකි.පොකුණු වල පිපි ඇති ඕළු නෙළුම් මානෙල් සුවඳ ගම පුරාම පැතිරෙයි.මෙම පියකරු උදෑසන කාටත් සතුට සාමය ගෙනදේ..